27 C
Colombo
11/03/2026

පොලිස් මුල් පුටුවට තුන් කොන් සටනක්

Share with your friends :

පුරප්පාඩු වන පොලිස්පතිධූරය සඳහා මේ වන විට තුන්කොන් තරඟයක් ආරම්භ වී පවතියි. පොලිස්පති ධූරය සඳහා මෙම තුන් කොන් තරඟය ඇතිව තිබෙන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ යන මහත්වරුන් තිදෙනා අතරය.

වත්මන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා සේවා කාලය සම්පූර්ණ කර මේ මස 20 දින විශ්‍රාම ගැනීමට නියමිතය.

පොලිස්පති ධූරය සඳහා ඉහත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත වෙනම කරුණු ඉදිරිපත් කිරීමට ද ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනකු කටයුතු කර ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.

Share with your friends :