27 C
Colombo
11/03/2026

සෞඛ්‍ය ඇමතිකම මට දෙන්න උපරිමයෙන් වැඩ කරනවා

Share with your friends :

සෞඛ්‍ය වගේ ඇමති ධූරයක් ලැබුණ හොත් රට වර්තමානයේ පත්ව ඇති අභාග්‍යසම්පන්න තත්වයෙන් ගොඩගන්න උපරිමෙයන් කටයුතු කරන බව විපක්‍ෂයේ ප්‍රධානම පක්‍ෂය වන සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (2) පැවසීය.

මෙම අවස්ථාවේ මැතිවරණ නොව ජනතාවට කන්න දියයුතු බව ද කී සේනාරත්න මහතා ඕනෑම ආණ්ඩුවක් ඇමතිවරු පත්කළ මෙන්ම ඉදිරියටත් ඒවා සිදුවන බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් අද (2) එසේ පැවසීය.

Share with your friends :