27 C
Colombo
25/04/2026

අර්ධ සුඛෝපභෝගි බස් අප්‍රේල් මස අහෝසියි

Share with your friends :

අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන අප්‍රේල් මස මැද සිට අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිළි සංඛ්‍යාව ඉහළ ගොස් තිබීම සහ එම බස් සහ සාමාන්‍ය බස් රථ අතර වෙනසක් නොමැති යැයි නිරීක්‍ෂණය වී ඇති බව කියන එම නිලධාරියා ජනතාවට අසාධාරණයක් වීම වැලැක්වීමට එම තීරණය ගත් බව ද එම නිලධාරියා සඳහන් කළේය.

Share with your friends :