27 C
Colombo
10/03/2026

ඇමති බන්දුලට හූවක්

Share with your friends :

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම පිටිපන හන්දිය ආසන්නයේ අභිනවයෙන් ඉදි කෙරෙන බුද්ධ මන්දිරයකට මුල්ගල් තබන අවස්ථාවේදී හූ හඩ නගා විරෝධතාවයක් දැක්වූවේ යැයි කියන පුද්ගලයකු පන්නා ගොස් අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා හෝමාගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔස්සේ මොරගහහේන දෙසට සිය ලොරි රථයකින් යමින් සිටියදී පිටිපන හන්දියේ ඇමතිවරයාගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වෙමින් තිබීණි.

මේ අතර එය දුටු මෙම පුද්ගලයා ක්ෂණයකින් ක්‍රියාත්මක වී හූ හඬ නගමින් ඇමතිවරයා ඇතුළු පිරිසට විරෝධතාවය දක්වමින් පලා ගොස් තිබේ.

පසුව මේ බව දුටු පොලීසිය ලොරි රථය පිටුපස හඹා හූ හඩ තැබූ බව පැවසෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරු සනාදරය ඇති කිරීම , ආගමික උත්සවයකට බාධා කිරීම , ආගම ඇදහීමට ඇති අයිතියට අභියෝග කිරීම යන චෝදනා යටතේ හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතා ඇතුළු නිලධාරීහු වැටලීම් සිදු කොට ඉදිරි පරීක්ෂණ පවත්වති

Share with your friends :