27 C
Colombo
10/03/2026

ඉන්ධන මිල අඩු කරයි

Share with your friends :

ලංකා ඛනිජ තෙල් සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන වර්ග 4 ක මිල අඩු කිරීමට තීරණය කළේය.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 10 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 135 කින් අඩු කළ බවත් ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 333 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 365 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310 ක් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 330 ක් බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ලංකා භූමිතෙල් ලීටරයක මිල තව දුරටත් රුපියල් 295 ක සහ ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල තව දුරටත් රුපියල් 330 ක පවතින බව ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් සඳහන් කළේය.

Share with your friends :