සාමාන්‍ය පෙළ විභාගය අවසන් වී ප්‍රතිඵල ලැබෙන තෙක් මාස තුනක පමණ කාලයේදී දරුවන්ට පාසල තුළදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමේ අවස්ථාව දීමට ඉදිරියේදී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
උසස් පෙළ හැදෑරිමක් සිදුනොකළ ද දරුවන්ගේ ඉදිරි වෘත්තීය ජීවිතය පිළිබඳ යම් සුරජෂිතාවක් ලබාගත හැකි බව ද අමාත්‍යවරයා කීය.
