27 C
Colombo
10/03/2026

විදේශ කටයුතු අමාත්‍යංශය ජයවර්ධනපුරට යයි

Share with your friends :

කොළඹ පිහිටි ප්‍රධාන පරිපාලන ගොඩනැගිලි රැසක් ශ්‍රී ජයවර්ධනපුරට ගෙන යාමට ශක්‍යතා අධ්‍යයනය ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ජනාධිපති මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය, කැබිනට් මණ්ඩල ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය යන ආයතන ශ්‍රී ජයවර්ධනපුරට ගෙන යෑමට මේ වන විට තීරණය කර ඇති බවත් ඒ සඳහා ආරක්‍ෂක වාර්තා ඇතුළු අත්‍යවශ්‍ය කරුණු කීපයක් පිළිබඳව අවදානය යොමු කර ඇති බවත් එම නිලධාරියා කීය.

කොළඹ නගරයේ පිහිටි වාණිජ වටිනාකමක් ඇති පෞරාණික ගොඩනැගිලි සංචාරක ආකර්ෂණිය ස්ථාන ලෙස සංවර්ධන කර සංචාරක ව්‍යාපාර දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව ද එම නිලධාරියා සඳහන් කළේය.

Share with your friends :