27 C
Colombo
09/03/2026

බෝග හයකින් රට ස්වංපෝෂිත වෙයි

Share with your friends :

මෙම වසරේ යළි සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

සහල් සහ අනිකුත් ආහාර බෝග අස්වැන්න සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා තිබු අතර ඊට අදාල වාර්තාවක් ලබා දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.

2021 රසායනික පොහොර තහනමත් සමග ඇති වූ වී ඇතුළු අනෙකුත් දේශීය ආහාර බෝග නිෂ්පාදනයන්හි කඩාවැටීම නිසා 2022 වසරේ දී ඩොලර් මිලියන 400ක් වැය කර සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටකට අධික ප්‍රමාණයක් මෙරටට ආනයනය කළ අතර අනෙකුත් ආහාර බෝග ද ඒ අන්දමින්ම ආනයනය කිරීමට සිදුවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

2022 යල කන්නයේ සිට නැවතත් රසායනික පොහොර ලබා දීමට ගත් පියවර සමග සහල් ඇතුළු අනෙකුත් ආහාර බෝග වලින් රට ස්වයංපෝෂිත මට්ටමට ළඟා වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

Share with your friends :