27 C
Colombo
08/03/2026

සරසවි ඇදුරෝ 519 ක් පැදුරටත් නොකියා මාරු වෙලා

Share with your friends :

ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 519 දෙනකු පසුගිය කාලයේදී ( 2021 වසරේ සිට මෙම වසරේ මේ දක්වා) සේවය හැර ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය.

මීට අමතරව ආචාර්යවරුන් 663 දෙනකු එම කාලසීමාවේදී සේවයෙන් ඉල්ලා අස්වී ඇති බව පැවසූ අමාත්‍යවරයා ආචාර්යවරුන් තවත් පිරිසක් විශ්‍රාම ගොස් ඇතැයිද ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසූවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.

මම මේ ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මහාභාණ්ඩාගාරය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කළා. විශ්‍රාම ගිය සහ සේවය හැරගිය හැර ගිය පිරිස වෙනුවට පිරිසක් බඳවා ගන්න කටයුතු කරගෙන යනවා. ඒ ටික ගත්තත් තව දාහක් විතර අඩුයි.අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරලා ඒ සඳහා කටයුතු කරනවා.

Share with your friends :