27 C
Colombo
07/03/2026

ඉරානයේ ඉන්ධනවලට ඩොලර් මිලියන 500ක තේ

Share with your friends :

ශ්‍රී ලංකාව ඉරානයෙන් ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500 ක තේ අපනයනය කිරීමට සැළසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වසර අවසානය වන විට තේ කිලෝග්‍රෑම් මිලියන 290 ක් අපනයනය කිරීමට හැකි වේ යැයි පුරෝකථනය කර ඇති බවත් එසේම මාර්ගගත ක්‍රමය හරහා ලෝක තේ වෙළඳපොළ සමඟ ගනුදෙනු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

ඉරානයෙන් ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500ක තේ අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ඉරාන තේ වෙළඳපොළ නැවත ලබාගැනීමේ හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා කීය.

Share with your friends :