27 C
Colombo
07/03/2026

රනිලුයි -විමලුයි දෙන්නම චීනයට

Share with your friends :

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා පැවැත්වෙන “තීරය සහ මාවත” ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සඳහා උත්තර ලංකා සභාගයේසභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ චීනය බලා පිටත්වීමට නියමිතය.

ඔක්තෝබර් මස 17 සහ 18 වන දෙදින තුල චීනයේ බීජිං නුවර පැවැත්වෙන මෙම සමුළුව චීනය රජය සත්කාරකත්වය දරන ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික සමුළු දෙකෙන් එකක් බව තානාපති ආරංචි මාර්ග තහවුරු කරයි.

චීන ජනාධිපති ෂී ජින්පිං ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 90 කට වැඩි ගණනක දේශපාලන නායකයන් සහභාගිවීමට නියමිතය.

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති වික්‍රමසිංහ මේ වන විට චීනයට ගොස් සිටී,

Share with your friends :