27 C
Colombo
10/05/2026

හොරු රැකගන්න ක්‍රීඩා ඇමති ඉවත් කරන්න හදනවා

Share with your friends :

ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් පාර්ලිමේන්තුවට ගරු නොකර තවදුරටත් ධුරයන් හි රැඳී සිටීමට විවිධ කුමන්ත‍්‍රණ සිදු කරමින් සිටින බවත් ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග තහනම ඉන් එකක් බවත් ක‍්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

කෙසේ හෝ ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන් ඉවත් වීමට නොව තමන් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට බවද හෙතෙම පවසයි.

හොරු රැකගෙන වැඩ කරන ලද අමාත්‍යවරයා ඉවත් කිරීමේ උත්සාහයක් දැන් ක්‍රියාත්මක වෙමින් ඇති බවද හෙතෙම කියා සිටියි.

තමන් මේ දිනවල ජනාධිපති කාර්යාලයෙන් ඇල්වතුර එකක් වත් නොබොන බවත් ඒවාටත් වස දමයි දැයි විශ්වාසයක් නැති බවත් හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජාත්‍යන්තරව තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Share with your friends :