27 C
Colombo
07/03/2026

චන්ද්‍රිකා එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකත්වයට ?

Share with your friends :

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යලිත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය හරහා ක්‍රියාකාරී දේශපාලනයට ගෙන ඒමට ශ්‍රීලනිප ප්‍රබලයන් පිරිසක් දැරූ උත්සාහය අසාර්ථකවී තිබේ. එම නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය යලිත් පන ගන්වා එහි නායකත්වයට චන්ද්‍රිකා පත් කර ගැනීමට නියමිතය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෝ නැගුවේ චන්ද්‍රිකා – මංගල -රුවන් ඇතුළු කණ්ඩායමකි. එහි සලකුණ වන බුලත් කොළය චන්ද්‍රිකා විසින්ම අඳින ලද්දක් බව පැවසේ. පොහොට්ටුවෙන් කැඩී යන පැරණි ශ්‍රීලනිප සාමාජිකත්වය චන්ද්‍රිකා වටා යලි එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා නව දේශපාලන ගමනක් ආරම්භ කරන්නට නියමිතය. ඒ සමගම පැරණි වමේ පක්ෂ කීපයක් හා නායකයන් කීපයක්ද එජනිස සමග එක්වන්නට නියමිතය.

Share with your friends :