27 C
Colombo
10/05/2026

ඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජින කිරුළ අත්හරී- කිරුළ ෆෙඞ්රික් කුමරුන්ට

Share with your friends :

ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රෙත් රැජින, කිරුළ අත්හරින බව නිවේදනය කළාය. ඒ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ, ඩෙන්මාර්ක වැසියන් අමතමිනි.
83 හැවිරිදි දෙවැනි මාග්‍රෙත් රැජින කිරුළ දරා සිටින්නේ වසර 52 ක් තිස්සේය. ඇය ලබන 14 වැනිදා කිරුළ අත් හරින්නේ වැඩිමල් පුතු ඔටුන්න හිමි ෆෙඞ්රික් කුමරුන්ට කිරුළ පිරිනමමිනි.

බ්‍රිිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින, 2022 දී අභාවප්‍රාප්ත වීමෙන් පසු, යුරෝපයේ වැඩිම කාලයක් රජ කිරුළ දරා සිටි තැන්ත්තා ලෙස මාග්‍රෙත් රැජින සැලකිණි. මාග්‍රෙත් රැජිනට කිරුළ හිමිවූයේ 1972 වසරේදීය.

Share with your friends :