27 C
Colombo
10/05/2026

09 වන විධායක ජනාධිපති වෙන්න ධම්මික 51% ගන්න සෙසු පක්‍ෂ සමග සාකච්ඡා

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඒ අනුව සෙසු පක්ෂවල සහාය ලබා ගැනීම සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා ආරම්භ කරන බව හෙතෙම පැවසීය.

තම බලාපොරොත්තුව එම පක්ෂවල ද සහයෝගය සහිතව 51%ක් ලබා ගැනීම බවද හෙතෙම කියා සිටී.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වයට යෝජිත අය අතර ධම්මික පෙරේරා මහතා ද සිටින බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මෑතකදී කියා සිටියේය.

කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයක් කවුදැයි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු නිශ්චිතව සඳහන් කරන බවද හෙතෙම පැවසීය.

Share with your friends :