27 C
Colombo
07/03/2026

ඇමරිකානු රාජ්‍ය ලේකම් ගමන්ගත් විශේෂ ගුවන් යානයේ කාර්මික දෝෂයක්

Share with your friends :

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්ට ඩාවෝස් සිට වොෂින්ටනය වෙත යාමට නියමිතව තිබු විශේෂ ගුවන් යානයේ දෝෂයක් හේතුවෙන් වෙනත් ගුවන් යානයක් ඒ සඳහා යොදා ගැනීමට සිදුව තිබේ.
එම ගුවන් යානය වෙනස් කිරීමට සිදු වූයේ අදාළ බෝයිං 737 විශේෂ ගුවන් යානයේ ඔක්සිජන් කාන්දුවක් ඇතිවීම හේතුවෙනි.

බ්ලින්කන් ඩාවෝස් හි පැවති ගෝලීය සමුළුවේ දින එකහමාරක රැස්වීම්වලින් සූරිච් හිදී අදාළ බෝයිං 737 ජෙට් යානයට ගොඩ වූ අතර යානයේ ඔක්සිජන් කාන්දුව අනවරනයවී ඇත්තේ ඒ අවස්ථාවේය.
ඉන්පසුව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා නැවත ගුවන් යානයෙන් පිටතට පැමිණ තිබේ.
ඉන්පසුව රාජ්‍ය ලේකම්වරයා නැවත එක්සත් ජනපදය වෙත රැගෙන එම සඳහා කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් වහාම පිටත් කර යවන ලද අතර ඔහු සමග ගමන් ගත් සෙසු පිරිස සාමාන්‍ය වාණිජ ගුවන් යානා මගින් ඇමරිකා එක්සත් ජනපදය වෙත යලි රැගෙන ඒමට නියමිතය.

Share with your friends :