27 C
Colombo
07/03/2026

විදුලි සේවකයන් 15කගේ වැඩ තහනම්

Share with your friends :

නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ක්‍රියාත්මක කළ තෙදින විරෝධතා මාලාවට සහභාගි වූ සේවකයන් 15 දෙනකුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව එම මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (19) පැවසීය.

සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබියදී විරෝධතාවක් සංවිධානය කිරීමට ඔවුන්ට එරෙහිව චෝදනාවක් ඉදිරිපත්ව ඇති බව ප්‍රියන්ත මහතා කීය.

Share with your friends :