27 C
Colombo
16/05/2024

අයිෂ්චර්යා දත්තා , සංයුක්තා , මිනාච්චි , අයිෂ්වර්යා රාජේෂ් ශ්‍රීලංකාවට

Share with your friends :

ජාතික තෛපොංගල් දින උත්සවයක් හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේදි පසුගියදා දකුණු ඉන්දියානු ජනප්‍රිය නිළියන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
තෛපොංගල් සැමරුම් උත්සවයට දකුණු ඉන්දියානු සිනමා නිලියන් වන අයිෂ්චර්යා දත්තා , සංයුක්තා , මිනාච්චි , අයිෂ්වර්යා රාජේෂ් යන අය සහභාගි වුහ.
බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය , ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍යංශය , හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තුමේන්තුව , නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ නොර්වුඩ් ප්‍රාදේශිය සභාව එක්ව ජාතික තෛපොංගල් දින සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා , ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ජිවන් තොණ්ඩමන් යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය ආරම්භ කෙරිණ.

හැටන් නගර මධ්‍යයෙන් ජාතික තෛපොංගල් සැමරුම් උත්සවයට පැමිණි ආරාධිතයන්ව වතුකරයේ ජනතාව විසින් පිලිගෙන හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණය වෙත කැදවාගෙන ගොස් හැටන් ඩන්බාර් ක්‍රිඩාංගණයේදි ජාතික තෛපොංගල් සැමරුම් උත්සවය පැවැත්විණ.

මෙම ජාතික තෛපොංගල් දින උත්සවයේදි දමිල ජනතාව විසින් නැවුම් මුට්ටි වල කිරිබත් 1008 ක් පිලියෙල කල අතර , එයට සමගාමිය කෝලම් රටා සහ හින්දු සංස්කෘතික අංග රැසක් ඉදිරිපත් කෙරිණ.

මෙම සැමරුම් උත්සවයට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥය ලලිත් යු ගමගේ , නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්.චාල්ස් මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ .

Share with your friends :