27 C
Colombo
16/05/2024

පෙම් සිහින

Share with your friends :

කඳුළු වලින් පෙඟුනු හිත
ආදරෙන් පුරවන්න තරම්
ලෙංගතු ඔය හිතට රත්තරං
ආදරෙයි හැමදාකම මං
ඇඟිලිතුඩු අගින් සීරුවට
පිරිමදින දෙකොපුල් මතින්
හාදු අතුරන්න උනුහුමට
ගුලිවෙන්නම් ලැමතුරෙන්
ඔය හිතේ නතරවෙන්න
මහමෙරක් සෙනෙහසින්
ජීවිතේම කැපකරල පන
අයදින්නම් නුඹ වෙතින්
දුක දැනෙන මොහොතක
හිත නිවන්න සිසිලසින්
නලලත සිඹිනවද නුඹ
සැනසෙන්න නෙතු පියන්
හිතට බිය ගෙනෙන අඳුරක
පායන්න පුන් සඳක් ලෙසින්
නුඹ නේද මගෙ ජීවිතය
ලඟ ඉන්න හුස්මක් තරම්

හිමාලි සුබසිංහ

Share with your friends :