27 C
Colombo
16/05/2024

ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය ආලියා බාත්-නළුවා රන්බීර් කපූර්

Share with your friends :

69 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල ඊයේ (28) රාත්‍රියේ ඉන්දියාවේ ගුජරාට් හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය.

එහිදී 2023 වසරේ තිරගතවූ සිනමා පට සඳහා සම්මාන ප්‍රදානය කෙරුණු අතර උළෙලේ දී වැඩි ගෞරව දිනාගැනීමට සමත්වූයේ වික්‍රාන්ත් මෙසී ප්‍රධාන චරිත නිරූපණය කරන විදු විනෝද් චොප්රාගේ ‘ටුවෙල්ත් ෆේල්’ (12th Fail) සිනමාපටයයි.

එම සිනමා පටය අධ්‍යක්ෂණය කළ විදු විනොද් චෝප්රා ට හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද හිමි විය.

සිනමා උළෙලේ හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය “ඇනිමල්” සිනමාපටය සඳහා රන්බීර් කපූර් දිනාගත් අතර, එම කාණ්ඩයේම විචාරක සම්මානය දිනාගත්තේ වික්‍රාන්ත් මෙසී ය.

මෙවර උලෙළේදී හොඳම රංගන ශිල්පිනියට හිමි සම්මාන “රොකී ඕර් රාණී කී ප්‍රේම් කහානී” හි රංගනය වෙනුවෙන් ආලියා බාත් දිනාගත්තාය.

Share with your friends :