27 C
Colombo
06/03/2026

කවුද හරි…..?

Share with your friends :

ළමා කල මම හිතුවෙ මව්පියන් හරි කියා
යොවුන් කල මම හිතුවෙ යහ‍ළුවන් හරි කියා
තුරුණුවියෙ මම හිතුවෙ මම තමයි හරි කියා
පවුල් පන්සල් වෙලා – අඹු දරුවො වටවෙලා
මැදිවියේ මම හිතුවෙ අපි තමයි හරි කියා

වැවයි දාගැබයි – ගමයි පන්සලයි කියා
කියන ඒ සංකල්පෙ තේරුමක් නැහැ මෙයා
මමයි පවුලයි රියයි බංගලාවයි කියා
තිබුනහම ඒ ඇතැයි කොහෙද තිබුනා ලියා

තිබුනෙ නැහැ වෙලාවක් බණට දහමට කියා
රටට ලෝකෙට සමාජෙට යන කලක් ඔහෙ ගියා
ඇතිවීම නැතිවීම මේවා ලෝ දම් නියා
සිතුවෙ නැහැ මම ‍ඕවා ගියෙමි කහවනු සොයා

හිතුවෙවත් නැති දිනෙක කොවිඩ් නුඹ පැමිණියා
සිය දහස් මිලියන ගනන් ලොව මිය ගියා
පොදි ගහපු සියළු දෑ දමා මෙහි හැර පියා
යනවිටයි තේරුනේ බුදු සමිඳු හරි කියා

සුනිල් සේනාරත්න
බ්‍රසීලය

Share with your friends :