27 C
Colombo
06/05/2026

මියගිය හා ආබාධිත රණවිරුවන්ට සහනයක්

Share with your friends :

2009.05.19 දිනට පෙර මෙරට පැවති යුද්ධයට සක්‍රිය ව දායකත්වය ලබා දී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මිය ගිය, ආබාධිත ව වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පූර්ණ වැටුප හා දීමනා ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඔවුන්ගේ වයස අවුරුදු 55 එළැඹීමට පෙර මිය ගිය අවස්ථාවක දී අදාළ හමුදා සාමාජිකයාගේ වයස අවුරුදු 55 එළඹෙන දිනය දක්වා ඔවුන්ගේ යැපෙන්නන් වෙත මෙම වැටුප් හා දීමනා ලබා දීමට නියමිත ව තිබේ.

Share with your friends :