27 C
Colombo
19/05/2024

ජනපති – පොහොට්ටු ගැටුම දුරදිග යයි! පොහොට්ටු ලේකම් ජනපතිගේ මූණටම සැර කතාවක් කියා සාකච්ඡාවෙන් නැගිට එයි

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජනාධිපතිවරයා සමඟ වෙනම සාකච්ඡාවක් අවශ්‍ය බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මහලේකම්වරයා මේ බව දැන්වූයේ පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයාගේ පැජට් පාරේ නිවසේදී පවත්වන ලද විශේෂ හමුවකදීය.

මෙයට පෙර ජනාධිපති කාර්යාලයෙන් පොහොට්ටුවට දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයා සමඟ පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙසයි.

ඒ අනුව පක්ෂ ලේකම් සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් ජනපති නිවෙසට පැමිණියහ.

එහෙත් ඒ සමඟ තවත් පක්ෂ ගණනාවක්ද සාකච්ඡාව සඳහා කැඳවා තිබූ බැවින් තමන්ට එයට එකඟ විය නොහැකි බව පැවසූ පොහොට්ටුවේ මහලේකම්වරයා සිය පක්ෂය ආණ්ඩුවේ ප්‍රධානම පක්ෂය ලෙස තම කණ්ඩායමට වෙනම සාකච්ඡාවක් අවශ්‍ය බව ප්‍රකාශ කරමින් සාකච්ඡාව හමාර කළ බව දේශයට වාර්තා වෙයි.

Share with your friends :