27 C
Colombo
19/05/2024

මගීන් සමග දුම්රියක් පැහැරගත් පුද්ගලයාට පොලීසියෙන් වෙඩි

Share with your friends :

පුද්ගලයන් 15 ක් සමග ස්විට්සර්ලන්තයේ දුම්රියක් ප්‍රාණ ඇපයට ගෙන සිටි ඉරාන ජාතිකයකු එරට පොලීසිය විසින් සිදු කල වෙඩිතැබීමකින් මිය ගොස් තිබේ. මොහු පොරවකින් හා පිහියකින් සන්නද්ධව රියදුරුට තර්ජනය කර මගීන් පිරිස ප්‍රාණ ඇපයට ගෙන තිබිණි.
මොහු සරනාගතභාවය පතා එරටට පැමිණියකු වන අතර පැය කීපයක් තිස්සේ මොහු සමග සාකච්ඡා කිරීමට බලධාරීන් උත්සහ ගත්තද එය සාර්ථක නොවීය.
මගීන් පිරිස කිසිදු අනතුරකින් තොරව මුදාගැනීමට පොලීසිය සමත් වුහ. පොලිස් නිලධාරීන් 60 දෙනෙකු මෙම මෙහෙයුමට සහභාගී වුහ.

Share with your friends :