27 C
Colombo
16/05/2024

~අනියම් බිරිඳගෙන් බිරිඳට……~

Share with your friends :

අක්කෙ ඩිංගක් අසාපන්
කේන්තිය බිම දමාපන්
කියන්නම් මං කතාවක්
උඹෙ මිනිහා ගැන තව සිතාපන්

රෑ ඇඳට ඇඳිවත ලෙහාපන්
උඹෙ කෙස්ස පීරා බැඳ ගනින්
දත කටද හොඳ හැටි මැදගනින්
වතුර ඩිංගක් නා ගනින්

ඌ ආස ගෙයි ඉදෙනා බතයි
වෙහෙස නොබලා උයාපන්
එක කෝප්පෙක තේ වත් කරන්
බොන දිහා ඉඳගෙන බලාපන්
ඌ දෙනවා උඹටත් ඇබින්දක්
ඒ ආදරේ එහෙමයි බොලන්

ඇහැ ඇරුණු වේලේ ඉඳන්
මැසිවිල්ල දැන්වත් නවත්තන්
එක වෙලාවක ගෙයි අඩුපාඩුකම්
කියා ඩිංගක් කට වහගනින්

ඌ යද්දි ඩිංගක් කොමල පා
ගිහින් එන්නැයි කියාපන්
අද රෑට යහනේ ඉඩ ඇතැයි
නෙත් හෙලා ඉඟි බිඟි කරාපන්

අහල පහලේ හිතවතුන්
දොර ළගින් උන් වද්දා නොගන්
ඇඳ රෙද්ද අරගෙන හෝදපන්
යට තියෙන දූවිලි පිහලපන්

වැඩ ඇරිලා එන්නෙම වෙහෙස වී
මග තොටදි ඌ එක සටනකී
ගෙයි දොරකඩට ආවම සිනා වී
තේ එකක් හදපන් ඇගෙ හැපි හැපී

රෑ වෙහෙස නොබලා ඇබින්දක්
හිස උකුලෙ තියලා නලවපන්
ඌ එක්ක එකටම පොර බදන්
රෑ ටිකක් ඌ ළඟ දික් කරන්
ආදරෙන් ඌ සනසපන්

ඌ එන්නෙ ගෙපැලට තිස්සෙම
උඹ හිතන වරදට නොවේමැයි
මගෙ ආදරේ ළග ගුලි වෙවී
ඌ හොයන්නෙම හරි හුරතලේ

මං එක්ක නිතරම කෙස්ස පටලන්
නොයිද මේ ටික කරලා බලපන්
මගෙ ගෙපැල පාලුව තිබිද්දෙන්
ඌ උඹේ විතරක් කරගනින්

# කවි කඳුළු #

අන්තර්ජාල උපුටා ගැනීමකි

Share with your friends :