27 C
Colombo
16/05/2024

මුලින්ම එන්නේ මහමැතිවරණයක්-නව සන්ධානයක් හදනවා-චම්පික

Share with your friends :

වර්තමාන දේශපාලන තත්වය අනුව ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණයක ලකුණු පෙනෙන්නට ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. එහෙත් ඒ සියල්ල IMF මීළඟ වාරිකය හා ණය ප්‍රතිව්‍යුහගතකරණයන් සමග ඇතිවන තත්වයන් මත තීරණය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
එක්සත් ජනරජ පෙරමුණේ “රට හදන ප්‍රතිපත්ති මාලාව” හෙට එලිදවන බවද ඔහු සඳහන් කළේය.
ඉදිරි මහා මැතිවරණය සඳහා පොදු සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා පාර්ශව ගණනාවක් සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයිද ශ්‍රීලංකා නිදහස් පක්ෂය හා නිදහස ජනතා සභාව සමගද අදහස් හුවමාරු කරගත් බවද නව සන්ධානය ඉක්මනින් නිර්මාණය කර ඒ හරහා මහා මැතිවරණයට යන බවද චම්පික රණවක මහතා පැවසීය.

Share with your friends :