27 C
Colombo
16/05/2024

මෙහෙව් උන්ටත් ශිල්ප සැදුනි ද?

Share with your friends :

නව යොවුන් විය
පන්තියක
බිත්ති කොන්දක්
යකඩ ඇඳුමක්
නැතුව
හිටියා
නිදැල්ලේ
නිබඳවම
යෝවද තම්පව
කීමෙන් පහුවට
පිස්සු කෙළිනව
කපුටන්
උන් උන්ට
ඇති පදමට
පන්තිය පුරා
පැන පැන
කෙළිලොලෙන් කෙළින
දඟකාර දැඟලිලි බලා
උදේ ඉදන් හිනාවෙන
ලොකු පිත්තල සීනුව
ළඟපාත පන්තියක
කියා දෙන පාඩම්
පැත්තකට වෙලා
අහගෙන
අහගෙන ඉදල
ඇතිවුනහම
අඬනව
වරින් වර
යට ගිරියෙන්ම
ළඟ ඉන්න
කාගෙ හරි
අතේ එල්ලීගෙන
උර පතු උඩහල්ලක්
මේ අඬන වෙලාවට
බිත්ති කොන්දට බරදී
එබී දිග කොරිඩෝවට
බලයි ගුරු විවේකාගාර දොර
දැනගන්න මොකක්දැයි
ඊළඟට එන දුම්රිය
උඩ තල්ලට
දිව හකුලා තබා
තෙවරක් නගන
ටොප් ටොප් හඩ
ඇසෙයි පන්තියෙන්
පිටටත් හීනියට
අවධානය ඉල්ලා
වේදිකා නිවේදනයකට
මෙසේ කියවෙන
යුව ඇටෙන්ෂන් ෆ්ලීස්
කරුණාවෙන් සවන් දෙන්න
යුව ඇටෙන්ෂන් ෆ්ලීස්
කරුණාවෙන් සවන් දෙන්න
යුව ඇටෙන්ෂන් ෆ්ලීස්
කරුණාවෙන් සවන් දෙන්න
පළමු වේදිකාවේ ගමන් ගන්නා
භූගෝල විද්‍යා සීග්‍රගාමී දුම්රිය
“එකොළහ ඊ” පන්තිය දක්වා පිටත් වේ.
එම දුම්රිය වෙනත් කිසිදු ස්ථානයක
බැරිවෙලාවත් නවත්වන්නේ නැත.
ගුරුතුමී ඇවිත්
දුම්රියෙන් බැස
පුටුව අදියි
ඉඳගන්න
පෙරළගෙනම
අච්චු පොත
කියවන විට
ලිවීම විතරයි
මුල් ඉදන් අගටම
පන්තියේ උන්ට
ඇය කරන පාඩම
වෙනදා වගේ නොවේ
මුරණ්ඩුයි
හිත් පිත් නැති
පුටුව අද
ඈත් වෙන්න නෑ
මේසෙ කකුලක්
කිටි කිටියට
බදා -වෙලා ගෙන
සිදුවී තිබේ
ඇබැද්දියක්
ගුරු හිත රිදවන
ප්‍රතිඵලයකි
එහෙත් එය
නිරීක්ෂණයක
කලක් තිස්සේ
සිසුවෙකු කරන ලද
වැඩේ දුර දිග ගිහින්
නිසැකවම විදුහල්පති
එනු ඇත තත්පරව
වේවැලත් අරගෙන
නෙලන්නට පන්තියේ
විනීත දඟකාර
මැරයා හොයාගෙන
දුර නොබලා
මුරණ්ඩුව කළ
සිසු හිතේ ඌ
ඌටම විරුවෙක්ය
මොහොතකට පෙර
කකියයි හිත
වෙව්ලයි ගත
ඇතුළ පෝරණුවකි
ඇවිලේ ගින්දර
මතක් වෙයි
අස්වීම් සහතික
ප්‍රදාන උළෙලට
තව ටිකකින්
ඇති ඉඩ
රැගෙන ඒ සහතිකේ
ගෙදර නම් යා නොහැකි බව.
B.Wijayaratne

Share with your friends :