27 C
Colombo
23/04/2026

හිත තාම තරුණයි ……..

Share with your friends :

ඔබේ සිනාවක්
වන්නට බැරිවිනි
ඔබේ කඳුල විය
අවසර නැතිවම
කියා ගන්න බැරි
දහසක් හිත තුල
හිර කරගෙන හිටි
කාලය ගෙවුනා …..
අහිමි සෙනෙහසේ
මන්දිර තැනුවා …..
අහස් මාලිගා
පොඩිවී වැටුනා
වියපත් වූ සිත
තාමත් තරුණයි
ආදරයේ සුව
මිහිර සොයන්නේ …..

-සුජිත් ප්‍රියංකර
නිසඳැස් කවි ගී අරණ

Share with your friends :