27 C
Colombo
16/05/2024

Dangal චිත්‍රපටයේ Suhani Bhatnagar වයස 19 දී මිය යයි

Share with your friends :

ඉන්දීය සුපිරි සිනමා නිර්මාණයක් වූ 2016 වසරේ තිරගත වූ Dangal චිත්‍රපටයට සඳහා රංගනයෙන් එක්වූ හින්දි සිනමා නිළියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එහි Babita Phogat ගේ කුඩා කළ චරිතයට රංගනයෙන් එක්වූ Suhani Bhatnagar.

Suhani Bhatnagar හදිසියේ වැළඳුණු දුර්ලභ රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

මියයන විට ඇය 19 හැවිරිදි වියේ පසුවූවාය.

මීට මාස දෙකකට පමණ පෙර ඇය Dermatomyositis නම් රෝගී තත්ත්වයේ ලක්ෂණ පෙන්නුම් කර ඇතිමුත් රෝගී තත්ත්වය නිශ්චිතව හඳුනාගෙන ඇත්තේ මරණයට දින 10කට පමණ පෙරදීය.

අනතුරුව ඇය AIIMS රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Share with your friends :