27 C
Colombo
17/05/2024

කළුකඩ වෛද්‍යවරුන්ගෙන් ජනතාව බේරාගන්න මිල පාලනයක් ?

Share with your friends :

ඇතැම් වෛද්‍යවරුන් විසින් හිතුහිතු පරිදි ගාස්තු අයකිරීම නිසා ජනතාව දැඩි අපහසුවට පත්ව සිටිති.
ඇතැම් වෛද්‍යවරු ඖෂධ හල්ද පවත්වා ගෙන යමින් ඖෂධ සඳහාද අධික මුදලක් අයකරති. මේ නිසා දුප්පත් ජනතාව ඇතැම් ඖෂධ වෛද්‍ය නියමයෙන් තොරව ඔසුසල් වලින් ලබා ගැනීමට පෙළඹෙති.
මේ අතර කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බවයි.

එය නියාමන ය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි, එම සංගමය සඳහන් කළේ.

සෑම නගරයකම ප්‍රධාන ගම් ආශ්‍රිතව, ආසන්න වශයෙන් ව්‍යාජ වෛද්‍යවරුන් තුන් හතරදෙනෙකු පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය ප්‍රසාද් හේරත් මහතා පැවසීය.

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව රෝග ලක්ෂණ අනුව ඖෂධ වෙළෙඳසැල්වල පිරිස විසින් රෝගීන් ට ඖෂධ ලබාදීම හේතුවෙන් රෝගීන් මරණයට පවා ලක්විය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් නිසි නියාමනයක් වහාම සිදුකර යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂාව සඳහා අයකරන අධික ගාස්තු වලින් ජනතාව බේරා ගැනීම සඳහා ගාස්තු පාලනයක් අවශ්‍යව තිබේ.

Share with your friends :