27 C
Colombo
16/05/2024

මහනුවර ධර්මරාජ ගුරුවරයෙක් කොස්සකින් ළමයින්ට ගහලා-නිලත් මිරිකලා

Share with your friends :

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මධ්‍යම අංශයේ ගුරුවරයෙකු විසින් එහි නව වන වසරේ සිසුන් 14 දෙනෙකුට කොස්සකින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදුහල් පරිපාලනය විසින් කිසිදු පියවරක් ගෙන නැත.
අදාළ සිද්ධියෙන් සිසුන් තැලුම් තුවාල ලැබූ අතර දෙමාපියන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් අංශ ප්‍රධාන ගුරුවරයා වෙත පැමිණිලි කර තිබිණි.එහෙත් මේ සම්බන්ධයෙන් විදුහල් පරිපාලනය කිසිදු පියවරක් ගෙන නැත. මේ අතර ඇතැම් ගුරුවරුන් සිසුන්ගේ නිල මිරිකමින් දඬුවම් ලබා දෙන අතර මේ දඬුවම් නිසා සිසුන් දින ගනනාවක් වේදනා විඳින බව දෙමාපියෝ පවසති. මෙවන් අමානුෂික සිද්ධීන් සම්බන්ධයෙන් විදුහල් පරිපාලනය කිසිදු පියවරක් ගැනීමට අපොහොසත්වී ඇත.
මේ අතර ධර්මරාජ විදුහලේ සිකුරාදා දිනවලට පමණක් පාසල් ටී ෂර්ට් හා බොටමය පැළඳ ගෙන පාසලට පැමිණෙන්නට ළමුන්ට අවසරදී තිබේ. මෙම ඇඳුම් අදාළ සැපයුම්කරු විසින් විදුහලට රුපියල් 2300 බැගින් සපයනු ලබන අතර විදුහල විසින් ඒවා රුපියල් 3200 බැගින් පාසල් දරුවන් වෙත අලෙවි කරමින් විශාල ලාභයක් උපයනු ලබයි. රටේ සාමාන්‍ය ජනතාව දැඩි ආර්ථික අපහසුතවයකින් පසුවන අවස්ථාවක මේ ආකාරයෙන් අසාධාරණ ලෙස මුදල් ඉපයීම සම්බන්ධයෙන් දෙමාපියෝ දැඩි විරෝධය පල කරති.
ධර්මරාජ විද්‍යාලය පාසල් ගාස්තුව ලෙස රුපියල් 8500 බැගින් අයකරන අතර මහනුවර වැඩිම පාසල් ගාස්තුවක් අයකරන පාසල වන්නේද එම විද්‍යාලයයි.

Share with your friends :