27 C
Colombo
06/05/2024

ජීවන වියදමට විසදුම් නැහැ -ඩොලරය අඩුවෙද්දීත් භාණ්ඩ මිල ඉහලට

Share with your friends :

මෙවර මැතිවරණ වලදී ප්‍රධානතම අවධානය යොමුවනු ඇත්තේ බඩු මිලට හා ජීවන වියදමටය. ජනතාවට අද ඇති විශාලතම ප්‍රශ්නය ජීවත්වීමය. ඩොලරය අඩුවෙද්දී භාණ්ඩ මිල දිගින්දිගටම වැඩිවේ. මහාපරිමාණ සමාගම් අසීමිත ලෙස ලාභ ලැබීම පාලනය කරන්නට රජය අපොහොසත්වී තිබේ. මේ සඳහා වහාම මිල පාලනයක් අවශ්‍යව තිබේ.

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වේ.මේ පිරිස දරිද්‍රතාවයට පත්ව ඇත්තේ ඉහළ ගිය උද්ධමනය, ජනතාවගේ ආදායම් වැඩි නොවීම, රැකියා අහිමිවීම සහ ආදායම් කඩා වැටීම යනාදී හේතු නිසා බවද ලෝක බැංකුව සඳහන් කරයි.
ලෝක බැංකුව පහළ මධ්‍යම ආදායම්ලාභී දරිද්‍රතා රේඛාව වන දිනක වියදම ඩොලර් 3.65 සීමාව සැලකිල්ලට ගෙන කළ අධ්‍යයනයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මේ අතර මේ වර්ෂයේදී දරිද්‍රතාවයෙන් පෙළෙන සංඛ්‍යාව ලක්ෂ දෙකකින්ද ලබන වර්ෂයේදී එම සංඛ්‍යාව ලක්ෂ තුනකින්ද වශයෙන් සුළු අගයකින් අඩුවිය හැකි බව එම බැංකුව පුරෝකථනය කරයි.මේ තොරතුරු සඳහන් වන්නේ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රගතියට අදාළව නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවේය.

Share with your friends :