27 C
Colombo
16/05/2024

සජබට අලුතින් ගන්නා ය ගැන තිස්සගෙන් විරෝධයක්

Share with your friends :

සමගි ජන බලවේගයට විවිධ පාර්ශ්වය එක්කර ගනිමින් සමගි ජන සන්ධානය බිහිකිරීම පිළිබඳව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කණස්සල්ල පල කරයි.
ඔහු පෙන්වා දෙන්නේ සමගි ජන සන්ධානය බිහිකිරීමේදී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් නිසි පරිදි දැනුවත් කරන්න නොමැති බවයි.
රට බංකොලොත් කළ වියත්මගේ පිරිස් පක්ෂයට බඳවා ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක පැවසීය.
පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කරන පිරිස් ආරක්ෂා කරගෙන විශ්වාස වන්ත පිරිස් පමණක් එකතු කරගැනීම නුවණට හුරු බව පැවසූ මන්ත්‍රීවරයා එසේ එකතු වන අයගේ හැකියාව සහ ඔවුන්ට රටේ ඇති පිළිගැනීම තක්සේරු කළ යුතු යැයිද කීය.එසේ ප්‍රවෙිශමෙන් ක්‍රියා නොකළහොත් ජනතාවගේ චෝදනාවට ලක්විය හැකියැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය .
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා මේ බව පැවසුවේ සමගි ජන සන්ධානය සමඟ නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු පිරිසක් එක්වීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස් මාධ්‍ය වෙත ප්‍රකාශ කරමිනි.
එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරාලද මීට දින කිහිපයකට පෙර මෙම චෝදනාවම එල්ල කළාය.
එම පක්ෂයේ සංවිධායකවරු සිටියදී සමගි ජන සන්ධානයේ පිරිස් වෙතද ආසන සංවිධායක ධුර පිරිනැමීම සම්බන්ධයෙන් සජබ මන්ත්‍රීවරු විරෝධය පල කර තිබේ.

Share with your friends :