27 C
Colombo
16/05/2024

පාස්කු ප‍්‍රහාර ගැන NPP, SJB යෝජනා කතෝලික සභාව පිලිගෙන නෑ

Share with your friends :

පාස්කු ඉරිදා ප්‍රහාරයන් සම්බන්ධයෙන් ඉදිරියේදී පිහිටවන තම ආණ්ඩු යටතේ සිදුකරන විමර්ශනයන් පිළිබඳව සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කතෝලික සභා විසින් පිළිගෙන නොමැති බව අගරදගුරු පදවිය සන්නිවේදන කමිටු සාමාජික සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සඳහන් කරයි.

එම යෝජනා පිළිගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට පෙර ඒ පිළිබඳව අධ්‍යනය කළ යුතු බවද එතුමන් පැවසූහ.
මෙම පක්ෂ දෙකම ඔවුන්ගේ ඉදිරි යෝජනා අගරදගුරුතුමන්ට භාර දුන් නමුත් කතෝලික සභාව ඒවා පිළිගත් බවක් එයින් අදහස් නොවන බවද හෙතෙම සඳහන් කළේය.
අනෙකුත් දේශපාලන පක්ෂද තම යෝජනා භාරදීමට කැමැත්තෙන් සිටින බවද එම යෝජනා සියල්ල සාදරයෙන් පිළිගන්නා බවද හෙතෙම කියා සිටියේය.
කාදිනල් තුමන් දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන්නේදැයි සැකයක් මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා එල්ල කළ චෝදනාවට පිළිතුරු දෙමින් පියතුමන් මෙම අදහස් පල කරන ලදී.

Share with your friends :