27 C
Colombo
06/05/2024

රනිල් – බැසිල් තීරණාත්මක සාකච්ඡාවක් අද

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව ඇත.

අද පස්වරු 04ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

මෙහිදී දැනට මතුව ඇති දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇත.

මහමැතිවරණය මුලින් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට මේ වන විටත් යෝජනා කර ඇති අතර ඊට අදාලව ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡා සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර පැවැත්වුණා.

කෙසේවෙතත් එම සාකච්ඡාවල දී අවසන් තීරණයකට එළඹීමට දෙපාර්ශවයම අපොහොසත් වු අතර ජුලි මස 17වනදායින් පසුව ජනාධිපතිවරණය කැදවීමේ බලය මැතිවරණ කොමිසමට හිමිවන බැවින් අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාව අතිශය තීරණාත්මක වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ.

මේ වන විටත් ප්‍රධාන දේශපාලන පක්ෂවල අභ්‍යන්තර අර්බුද රැසක් හටගෙන ඇති අතර ඇතැම් දේශපාලඥයින් පක්ෂ මාරුවකට ද සුදානමන් පසුවනවා.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ දිගින් දිගටම මහ මැතිවරණයක් ප්‍රථමයෙන් පවත්වන ලෙස යෝජනා කළ ද ජනාධිපතිවරයාගේ පාර්ශවය ප්‍රකාශ කළේ ප්‍රථමයෙන් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවයි.

එහෙත් මේ වන විට ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ ඇතැම් කණ්ඩායම් මහමැතිවරණයක් පැවැත්වීම සුදුසු බව අදහස් පළ කර ඇති පසුබිමක අද පැවැත්වෙන සාකච්ඡාව වැඩි පිරිසකගේ අවධානයට ලක්ව තිබේ.

Share with your friends :