27 C
Colombo
19/05/2024

රට විරුවන්ගේ වාහන පර්මිට් වලින් පිල්ලි ගහලා- මුදල් උන්ඩියල් කරලා ?

Share with your friends :

විවිධ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන් විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කාලය දිගු කිරීමේ ගැසට් පත්‍රයට අනුමැතිය නොදීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළේ කිසිදු විනිවිද භාවයක් නැතැයි එම කාරක සභාවට පෙනී යාමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.
පසුගිය කාලයේ මෙරට සිට මුදල් උන්ඩියල් කර බැංකු හරහා මෙරටට නැවත ගෙන්වාගෙන විදෙස්ගත ශ්‍රීලාංකිකයන්ගේ නමට වාහන ගෙන්වීම සිදු කල බවට බරපතල චෝදනා නැගිණි. මේවා වහාම සොයා බැලීම සිදු කර මෙයින් රටට අහිවූ බදු මුදල් නැවත අයකර ගැනීම කල යුතුය. එසේ නැතහොත් අදාළ වාහන රාජසන්තක කල යුතුය. අඩුම තරමින් එවැනි වැරදි යලි නොකරන්නට හෝ එවැනි වාහන යලි මිලදී නොගන්නට එවිට ජනතාව නොපෙළඹනු ඇත.

Share with your friends :