27 C
Colombo
19/05/2024

ඩොලර් මිලියන 14ක පුද්ගලික වාහන ආනයනය කරයි-පෝලිම් යුගයට යන්න වෙයිද ?

Share with your friends :

ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්‌යේෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවක මෙම තොරතුරු සඳහන් වේ.

එම වාර්තාවට අනුව මේ වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 14.4ක පෞද්ගලික රථවාහන ආනයනය කර ඇති අතර, ඉකුත් මාර්තු මාසයේදී පමණක් ආනයනය කරන ලද පෞද්ගලික රථවාහනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 4.9කි.

වාහනවලට අමතරව ජනවාරි සිට මාර්තු දක්වා වූ මාස තුනක කාලය තුළදී ඇමරිකානු ඩොලර් මිලියන 102.6ක වටිනාකමකින් යුතු එළවළු (පරිප්පු, ලූනු, අර්තාපල්, රනිල කුලයට අයත් එළවළු සහ වෙනත් එළවළු) ආනයනය කර තිබේ.

එමෙන්ම එම කාලය තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 34.8ක කුළුබඩු ආනයනය කර තිබේ.

රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය තවමත් අවසන් නැත. මේ නිසා රටේ ඇති ඩොලර් වලට වාහන ගෙන්වුවහොත් සමස්ත ජනතාවටම යලිත් සිදුවන්නේ පෝලිම්වල ලගින්නටය. මේ නිසා වාහන ගෙන්වීම මේ මොහොතේ කලයුතු දෙයක් නොවේ. අවශ්‍ය නම් පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ගෙන්වීමට පමණක් අවසර දිය යුතුය. වාහන ආනයනකරුවෝ දේශපාලනඥයන් හා ඉහල නිලධාරීන් පසුපස යමින් වාහන ගෙන්වීම යලි ආරම්භ කරන්නට සියලුදේ කරති. මාධ්‍ය හරහාද හඬ නගන්නේ මොවුන්ය. මේ තත්වය වගකිවයුත්තන් තේරුම් ගත යුතුය. සීමා නොමැතිව වාහන ගෙන්වීම නිසා රටේ මාර්ගවලට ඔරොත්තු නොදෙන අන්දමේ වාහන ප්‍රමාණයක් රටතුල තිබේ. මේ මොහොතේ අවශ්‍යතාවය රටේ ජනතාව ජීවත් කරවීමය. කල යුතුව ඇත්තේ වාහන අමතර කොටස් බදු අඩුකර , සහන මිලට ජනතාවට ලබාදීමය. එවිට දැනට ඇති වාහන නිසි ලෙස නඩත්තු කරන්නට අවස්ථාව ලැබේ.
වාහන යලිගෙන්වීම යනු ඉන්ධන සඳහා වැය වන මුදලත් අමතර කොටස් සඳහා වැය වන මුදලත් තවත් වැඩිවීමය. අනෙක් අතට යම් ලෙසකින් ගෙන්වන්නට අවශ්‍ය නම් ගෙන්විය යුත්තේ 800 cc හෝ 1000 cc වාහන පමණි. සුඛෝපභෝගී වාහන ගෙන්වීම කිසි ලෙසකින්වත් නොකළ යුතුය.

Share with your friends :