27 C
Colombo
23/06/2026

මධ්‍යම අධිවේගයේ සිමෙන්ති බාල්ක කඩා වැටේ

Share with your friends :

ඉදි වෙමින් පවතින කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ මගලෙගොඩ හා බෙම්මුල්ල අතර කොටසේ කණු මතින් ඉදි වෙන මාර්ගයේ දෑවැන්ත කොන්ක්‍රීට් බාල්කයක් පසුගිය 4 දා පස්වරුවේ කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති .

වෙල්යාය මැද මෙම ප්‍රදේශයේ මාර්ගය ඉදි කිරීමෙන් පවතින්නේ කොන්ක්‍රීට් කණු මතය .එහි ඉදිකිරීම් කටයුතු සිදු කරන අවධියේ දමන ලද හරස් කොන්ක්‍රීට් බාල්කයක් මෙසේ මැදින්කඩා වැටී ඇත.

මාර්ගය ඉදිකිරීම් සිදු වෙන අතර මෙසේ කොන්ක්‍රීට් බාල්ක කඩා වැටෙන්නේ නම් මාර්ගය ඉදිකර අවසන් වීමෙන් පසු අධිවේගී මාර්ගයේ ගමන් කිරීම මහත් අනතුරකට හේතුවක් වනු ඇතැයි ප්‍රදේශවාසීන් සඳහන් කරති .

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නලින්ද රත්නායක මහතා

“මෙම කොන්ක්‍රීට් කොටස් තැබීම සිදු කිරීම 2021 වර්ෂයේදී සිදු කළේ. දැනට කඩා වැටීම සිදුව ඇති කොටස පසෙකට පෙරලීමක් වැනි දෙයක් සිදුවීම හේතුවෙන් මෙලෙස කඩාවැටීම සිදුව ඇති බවටයි පෙනෙන්නට තිබෙන්නේ යම් ව්‍යාපෘතියක් දිගු කලක් ඉදිකිරීම් නවතා තැබීම සුදුසු නැහැ. අතරමග නවතා දමා ඇති ව්‍යාප්ති කඩිනමින් අවසන් විය යුතුයි” යැයි පැවසීය.

Share with your friends :