27 C
Colombo
06/03/2026

ආර්ථික පරිවර්තන පනත හෙට මැතිසබයට

Share with your friends :

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට (22) ඉදිරිපත් කිරීමට නියමිතය

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගිය සතියේදී නිකුත් කෙරිණ.

පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරෙන්නේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාගේ නියෝග මතය.

ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සඳහා විධිවිධාන සැලසීම සඳහා සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව ශ්‍රී ලංකා ආයෝජන කලාප ජාත්‍යන්තර වෙළඳාම සඳහා වූ කාර්යාලය ජාතික ඵලදායීතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම සඳහාද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 4 දරණ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සඳහාද ඊට සම්බන්ධ හෝ අනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලසීම සඳහා වූ පනත් කෙටුම්පතකැයි එහි සඳහන් වේ.

Share with your friends :