27 C
Colombo
07/03/2026

උසස්පෙළ හපනුන් මෙන්න

Share with your friends :

උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ජෛව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා හිමිකර ගෙන ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩව්. ඒ. චිරාත් නිරෝධ ගණිත අංශයෙන් පළමු ස්ථානය දිනාගෙන ඇත.

කලා විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ හිමිකර ගෙන තිබේ.

මේ අතර ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ මුල්විල රාලලාගේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ විසින් හිමිකරගෙන ඇත.

වාණිජ විෂය ධාරාවේ පළමු ස්ථානය පානදුර බාලිකා මහා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා සිසුවිය විසින් හිමිකරගෙන තිබේ.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ ප්‍රථම ස්ථානය ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුලු සිහිල්දිය පල්ලියගුරු සිසුවා විසින් හිමිකර ගෙන ඇත.

Share with your friends :