27 C
Colombo
08/06/2026

ජනපති රනිල් මැතිවරණ කාර්යාලය විවෘත කරයි

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණ දේශපාලන මෙහෙයුම් කටයුතු සිදුකිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුභ මොහොතින් සිය දේශපාලන කාර්යාලය කොළඹ දී විවෘත කර තිබේ.

නව කාර්යාලය කොළඹ, සර් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටා ඇත.

නාරාහේන්පිට අභයාරාමාධිපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, කොල්ලුපිටිය වාලුකාරාම මහා විහාරය ඇතුළු පංච මහ විහාරාධිපති, කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළ අතර සෙසු ආගමික නායකයන් ද ආගමික වතාවත් සිදු කර ආශිර්වාද පළ කළහ.
මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා සහ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව පැවසේ.

Share with your friends :