27 C
Colombo
08/06/2026

පනත් කෙටුම්පත් 2කට එරෙහි පෙත්සම් විභාග කෙරේ

Share with your friends :

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණි.

මෙම පෙත්සම් අද එස්. තුරෙයි රාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සිදු කෙරෙයි.

සර්වජන බලය සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ගෙවිඳු කුමාරතුංග, මහාචාර්ය චන්න ජයසුමන සහ ව්‍යවසායක දිලිත් ජයවීර, වෛද්‍ය ජී. වීරසිංහ සහ නිමල් රණවක ඇතුළු පිරිසක් විසින් එක්ව පෙත්සම ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව සමගි ජන බලවේගය, පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය, ජාතික ජන බලවේගය, ඇතුළු පාර්ශ්ව 17 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යෝජිත පනත් කෙටුම්පත් තුළින් පාර්ලිමේන්තුව සතු රාජ්‍ය මූල්‍ය බලය ජනාධිපතිවරයා යටතට පත් කිරීමට කටයුතු කර ඇති බවය.

Share with your friends :