27 C
Colombo
24/04/2026

නරේන්ද්‍ර මෝඩි දිවුරුම් දෙයි

Share with your friends :

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම සිදුවූයේ ඉන්දීය ජනාධිපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපතිභවන් ඉදිරිපිට පැවැති විශේෂ උත්සවයේදීය. දිවුරුම් දීම සිදුවූයේ ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ඉදිරියේය. දිවුරුම් දීමේ උත්සවය ආරම්භ වූයේ නවදිල්ලි වේලාවෙන් සවස 7.15 ටය.

මෝදි දිවුරුම් දීමෙන් පසු ඔහුගේ නව සන්ධාන රජයේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනාගේ දිවුරුම් දීම සිදුවිය. එම හැත්තෑ දෙදෙනාගෙන් 30 දෙනකු කැබිනට් ඇමැතිවරුන්ය.

Share with your friends :