27 C
Colombo
07/03/2026

නරේන්ද්‍ර මෝඩි – ජස්ටින් ටෲඩෝ යලිත් යාළුවෙලා

Share with your friends :

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ඉන්දියාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

G7 සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ අතර හමුවක් සිදුවී ඇත.

එහිදී දෙරටේ සම්බන්ධතා පිළිබඳ සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුව කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි කාලවලදී එකට වැඩ කිරීමට දෙරට කැපවිය යුතු බවය.

කැනඩාවේදී සිදුවූ සික් ජාතිකයෙකුගේ ඝාතනයක් පදනම් කර ගනිමින් දෙරට අතර අර්බුදයක් හටගෙන තිබුණි.

Share with your friends :