27 C
Colombo
08/06/2026

කතරගම පෙරහරේ අලියා කුලප්පු වී 13 ක් රෝහලේ

Share with your friends :

රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහැර ආරම්භ වී සුලු මොහොතකට පසු පෙරහරේ ගමන් ගත් අලියෙකු කුලප්පු වීමෙන් ඇති වූ කලබලයේදී පෙරහැර නැරඹූ පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි කතරගම පොලිසිය පැවසීය .

පෙරහර අරම්භ වීමෙන් පසු ඊයේ (6) රාත්‍රි 9 ට මෙය සිදු ඇති අතර පෙරහර නරඹමින් සිටි පිරිස කලබල වී ඒ මේ අත දුවයාමෙන් මෙලෙස තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් කතරගම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් අතර අසාධ්‍ය තත්ත්වයේ රෝගින් නොමැති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය .

Share with your friends :