බිත්තර නිෂ්පාදනයේ නොයෙදෙන ව්‍යාපාරිකයෙක් බිත්තර එකතු කර ගබඩා කර තොග වශයෙන් වැඩි මිලකට අලෙවි කිරීමෙන් ලබාගත් ආදායමෙන් හෙලිකොප්ටරයක් මිලදී ගෙන තිබේ.
බිත්තර සඳහා මිල පාලනයක් ඍජුව බලනොපවත්වන වාතාවරණයක අද වෙළෙඳපොළේ බිත්තරයක් විවිධ මිල ගණන්වලට අලෙවි කරන අතර මේ වන විට රුපියල් 47 සිට රුපියල් 52 දක්වා විවිධ මිල ගණන්වලට බිත්තර අලෙවි කෙරේ. සුපිරි වෙළෙඳසල්වල පැකට් කරන ලද බිත්තරයක අලෙවි මිල රුපියල් 60-65ත් අතර වේ. එහෙත් බිත්තරයක නිෂ්පාදන මිල රුපියල් 20 කටත් වඩා අඩුය.
බිත්තර සඳහා මිල පාලනයක් ඍජුව බලනොපවත්වන වාතාවරණයක අද වෙළෙඳපොළේ බිත්තරයක් විවිධ මිල ගණන්වලට අලෙවි කරන අතර මේ වන විට රුපියල් 47 සිට රුපියල් 52 දක්වා විවිධ මිල ගණන්වලට බිත්තර අලෙවි කෙරේ. සුපිරි වෙළෙඳසල්වල පැකට් කරන ලද බිත්තරයක අලෙවි මිල රුපියල් 60-65ත් අතර වේ.
බිත්තර මිල ඉහළ යෑම හා ක්‍රමවත් මිල පාලනයක් නොමැති වීම ගැන පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී අවධානය යොමුවී තිබේ.
බිත්තර තොග වශයෙන් ගබඩා කරගෙන පසුව වැඩි මිලකට විකුණන ව්‍යාපාරිකයකු හෙලිකොප්ටරයක් මිලදී ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන්නේ මේ සාකච්ඡාවේදීය.
පාරිභෝගික අධිකාරිය බිත්තර මිල ඉහල යාම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැත.
තුසිත ඉන්ද්‍රජිත් උඩුවර පාරිභෝගික කටයුතු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. තුසිත උඩුවර රටපුරා බන්ධනාගාර රැසක බන්ධනාගාර නිලධාරියෙකු ලෙස කටයුතු කල පළපුරුදු බන්ධනාගාර නිලධාරියෙකි. ඔහුට භාණ්ඩ මිල හෝ වෙළඳ පොළ තත්වයන් සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොමැතිවීම බරපතල තත්වයක් වී තිබේ.

තුසිත උඩුවර මහතා මෙම තනතුරට පත් කර ඇත්තේ වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා විසිනි. මහින්ද රාජපක්ෂ රජයේ ලංකා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කලේ නලීන් ප්‍රනාන්දුය.

