27 C
Colombo
07/03/2026

ඉම්රාන්ගේ නිදහස ටිකෙන් ටික ලංවෙයි ?

Share with your friends :

දූෂණ චෝදනා සහ රජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කළේ යැයි යන චෝදනාවලට සිර දඩුවම් විදිමින් සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විවාහය නීතිවිරෝධී නොවන බව එරට අධිකරණය තීන්දු කර ඇත.

ඉම්රාන් ඛාන්ට චෝදනා රැසක් එල්ල වී ඇති අතර, ඒවා සම්බන්ධයෙන් වෙන වෙනම නඩු විභාග පැවැත්වෙයි. ඔහු නීති විරෝධී ආකාරයට විවාහයක් සිදු කර ගත්තැයි යන්න ද එක් චෝදනාවකි. එම චෝදනාව සම්බන්ධයෙන් නඩු විභාගය ඉස්ලාමාබාද් අධිකරණයක් හමුවේ විභාග කෙරුණි.

කෙසේ නමුත් අධිකරණය අවසානයේ දී තීන්දු කළේ ඉම්රාන් ඛාන්ගේ විවාහය නීතිවිරෝධී නොවෙන බවත්, එල්ල වන චෝදනා බැහැර කිරීමට පියවර ගන්නා බවත්ය.

Share with your friends :