27 C
Colombo
06/03/2026

රන්ජිත් විමලසූරිය අනුරාධපුර නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පත්වෙයි

Share with your friends :

රන්ජිත් විමලසූරිය මහතා අනුරාධපුර නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පත්ව සිටී.
ශ්‍රීලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය හදාරා සිය පශ්චාත් උපාධිය කැලණිය විශ්ව විද්‍යාලයෙන් ලබා තිබේ.
සෙවනගල සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කල ඒ මහතා කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යංශය , ආගමන විගමන දෙපාර්තමේන්තුව, යෞවන කටයුතු අමාත්‍යංශය , කර්මාන්ත අමාත්‍යංශය , රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ආදී රාජ්‍ය ආයතන රැසක ඉහල පෙලේ තනතුරු රැසක් දරා තිබේ.

Share with your friends :