27 C
Colombo
06/03/2026

අමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානී කිම් ශීට්ල් තනතුරින් ඉල්ලා අස්වෙයි

Share with your friends :

ඩොනල්ඩ් ට්‍රම්ප් ට එල්ලවූ වෙඩි ප්‍රහාරය වැලක්වීමට අපොහොසත්වීමේ වගකීම භාර ගනිමින් අමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානී කිම් ශීට්ල් තම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට නොහැකිවීම රහස් ඔත්තු සේවාවල වරදක් බවට රහස් ඔත්තු ප්‍රධානී කිම් ශීට්ල් පිළිගෙන තිබේ.

අමෙරිකානු කොංග්‍රසය හමුවේ අදහස් පළ කළ ඇය පැවසුවේ දශක ගණනාවක් තුළදී සිදුවූ බරපතළ දෝෂය මෙය වන බැවින් ඒ සම්බන්ධ සියලු වගකීම තමන් භාරගන්නා බවය.

එහිදී රිපබ්ලිකන් මෙන්ම ඩිමොක්‍රටික් පක්ෂ දෙකේම නීති සම්පාදකයින්, ඇය වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකර තිබුණි.

Share with your friends :