27 C
Colombo
08/06/2026

කොල්ලෙක් හෙල්මට් නැතිව ගියැයි පොලිස් නිලධාරියෙක් හොදටම ගහලා

Share with your friends :

පයාගල පොලිසියේ පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ප්‍රහාරයට ලක් වු 16 හැවිරිදි දරුවෙක් නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

තමන්ගේ අණ නොසලකා යතුරු පැදියක් ධාවනය කළ බවට චෝදනා කරමින් මෙම දරුවාට මහ මගදී පහර දීමෙන් අනතුරුව පොලිස් ස්ථානයට රැගෙන ගොස් යළිත් වරක් දණ ගස්වා පහරදී ඇති බවත්, අනතුරුව පහර දුන් පොලිස් නිලධාරියාට වන්දවා දරුවා නිවසට යවා ඇති බවත් වාර්තා වේ.

නිවසට ගිය දරුවාට ක්ලාන්තය, වමනය සහ සිහි විසඥවීමේ තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඔහුව නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. දරුවා මේ වනවිට රෝහලේ වාට්ටු අංක 5 හි ප්‍රතිකාර ගනිමින් සිටී.

පහර කෑමට ලක් වී ඇත්තේ වන්නිආරච්චිගේ තරුද් දිනාල් නැමැති දරුවෙකි. මෙම දරුවාට අමානුෂික ලෙස පහර දුන් පොලිස් සැරයන්වරයා සම්බන්ධව මේ වනවිට පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇති බවත්, මාවන හිමිකම් කොමිසමට පැමිණිල්ලක් යොමු කිරීමට සූදානම් වන බවත් දරුවාට සම්බන්ධ ආරංචි මාර්ග කියයි.

Share with your friends :